Monday, May 20, 2024

General line - 0115112241

නේපාලයට ඉන්දියාවෙන් කෝටි 100 ක්




ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ඉකුත් දා නේපාලයේ සංචාරයක නිරත වුණා. 

ඊට සමගාමීව ඔහු දින 03 ක කාලයක් පුරා නේපාලයේ රැඳී සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ඉකුත් නොවැම්බර් මාසයේදී නේපාලයට බලපෑ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආධාර තොගයක් ලබාදීමයි. 

ඒ අනුව ඉන්දියාව පූර්ව සැලසුම් කළ පරිදි නේපාලයට ලබාදෙන ආධාර තොගයෙන් පස්වන අදියරේ සැපයුම් ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් නේපාල රජයට භාරදුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම ආධාර අතරට අවතැන් වී සිටින ජනතාවට අවශ්‍ය පූර්ව සැකසුම් කළ තාවකාලිකව නිවාස සහ තවත් සැපයුම් තොගයක් අයත්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මගපෙන්වීමට අනුව එම සැපයුම් තොගය සහ තවත් ආධාර ලබාදෙන බව ද විදේශ අමාත්‍යවරයා නේපාලයේදී පවසා තිබුණා. 

එමෙන්ම භූ කම්පනයෙන් විපතට පත් නේපාලයේ බලපෑම් එල්ල වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නේපාල රුපියල් කෝටි 100 ක මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද ඉන්දියාව එකග වී තිබෙනවා.