Monday, May 20, 2024

General line - 0115112241

චීනයට විවාහය එපා වෙයි




චීන තරුණ තරුණියන් විවාහ දිවියට එළඹීම සැලකිය යුතු අගයකින් අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඉකුත් සතියේදී චීනය නිකුත් කරන ලද දත්තවලට අනුව ඉකුත් 2023 වසරේදී චීනයේ වයස අවුරුදු 25 ත් 29 ත් අතර තරුණ ප්‍රජාවගෙන් අඩකට වඩා අවිවාහකව සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

උපත් අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති මොහොතක් විවාහ වන තරුණ පිරිස ද අඩුවීම හමුවේ චීනය සිය ජනගහනය සම්බන්ධයෙන් බරපතල අර්බුධයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීනයේ තරුණ ප්‍රජාව අතර පවතින රැකියා වියුක්තිය ඔවුන් විවාහය කල් දැමීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ආර්ථීක අර්බුධය සහ බොහෝ චීන තරුණියන් මෙන්ම තරුණයින් ද සිය විවාහ දිවියට සාපේක්ෂව රැකියාව හා බැඳී සිටීම ද එරට විවාහ අනුපාතය පහත වැටීමට බලපා ඇතැයි වාර්තා වෙනවා.