Monday, May 20, 2024

General line - 0115112241

රතු මුහුදේ උණුසුම අරාබි මුහුදටත්




අරාබි මුහුදේදී කොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට ලක්වූ නෞකාවට කුමක්ද වූයේ යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානයට ලක්ව තිබෙනවා. 

ඒ පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූයේ ගාසා යුද ගැටුම් හමුවේ රතු මුහුදු කලාපය තුළ පවතින යුදමය තත්ත්වය හේතුවෙන්.

ඊශ්‍රායල දෙසට යාත්‍රා කෙරෙන වෙළඳ නෞකා සඳහා හවුදි කැරලිකරුවන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර අමෙරිකාව සහ තවත් මිතුරු පාර්ශවිය රටවල් කිහිපයක් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

එවන් පසුබිමක් තුළයි සෝමාලියාවට ඔබ්බෙන් වන අරාබි මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් පැහැර ගැනීමට මුහුදු කොල්ලකරුවන් උත්සහ කළේ.

කෙසේවෙතත් එම නෞකාව වෙත ලගා වූ ඉන්දීය නාවික හමුදාවේ නෞකාවක් විසින් අවදානමට ලක්ව තිබූ නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන තිබෙනවා.

එම කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිස අතර ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට උත්සහ කළ නෞකාව ද ඉන්දීය නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර එහි කිසිඳු මංකොල්ලකරුවෙකු නොසිටි බව ද ඉන්දීලය නාවික හමුදාව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම අදාළ මුහුදු කලාපයේ ආරක්ෂාව ද තහවුරු කර ඇති බවයි ඔවුන් පැවසුවේ.