Monday, May 20, 2024

General line - 0115112241

මියන්මාර කැරලිකරුවන් එරට තවත් නගරයක් අල්ලයි




මියන්මාරයේ ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායමක් විසින් එරට තවත් නගරයක් අත්පත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තා පැවසුවේ මියන්මාරයේ පාලන බලය ගෙන යන හමුදාව සමග පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව කැරලිකරුවන් එම ප්‍රදේශය අත්පත් කර ගෙන ඇති බවයි.

ඔවුන් එලෙස අල්ලා ගෙන ඇත්තේ මියන්මාරයේ උතුරු දිග ප්‍රදේශයේ චීන දේශසීමාව ආසන්නයේ පිහිටි ලුකායි ප්‍රදේශය කැරලිකරුවන් විසින් අල්ලා ගෙන ඇති බවයි හමුදාව පවසා ඇත්තේ.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට මියන්මාර කැරලිකරුවන් හා එරට හමුදාව අතර උතුරු ප්‍රදේශයේ පවතින ගැටුම් තීව්‍ර වී තිබෙනවා. 

ගැටුම් පවතින්නේ චීන දේශසීමාවට ආසන්නයේ බැවින් දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා චීනය දැඩි පරිශ්‍රමයක නියැලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.