Monday, May 20, 2024

General line - 0115112241

මැතිවරණය අභියස තායිවානය බියෙන්




සිය දූපත ආශ්‍රිතව චීනයේ ඔත්තු බැලූන 05 ක් පවතින බව තායිවානය චෝදනා කරනවා.

එරට ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ පසුගිය සතියේදී සිය රටට හරහා ද එක් චීන ඔත්තු බැලූනයක් පියාසර කළ බවයි. 

ඒ අනුව පසුගිය සතියේදී පමණක් චීන ඔත්තු බැලූන 05 ක් නිරීක්ෂණලය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා. 

එම බැලූන මොනාවද යන්න සම්බන්ධයෙන් චීනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව ද තායිවානය චෝදනා කරනවා.

එරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ සිය රටේ ආරක්ෂාවට චීනයේ මෙම ක්‍රියාකලාපය බරපතල තර්ජනයක් බවයි.

තායිවානයේ මහ මැතිවරණය ලබන 13 වනදා පැවැත්වීමට නියමිතයි.

එවන් පසුබිමක් තුළ තායිවානය යළි මව්භූමිය සමග එක් කරගන්නා බවට චීනය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ නිකුත් කළා.

ඒ හමුවේ තායිවානය සිටින්නේ චීන ආක්‍රමණයක් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.