Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා හදිසියේ ලන්ඩන් යයි




ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා රාජ්නාත් සිං අද එංගලන්තයට පැමිණීමට නියමිතයි.

ඔහු දෙදිනක් පුරා එංගලන්තයේ රැඳී සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ එංගලන්ත සංචාරයේ අරමුණ වෙනවා.

ඊට අමතරව ප්‍රහාරක ජෙට් යානා සහ දෙරටේ හමුදාව සංවර්ධනය කිරීමට හැකි සහයෝගීතාව ඇතුළුව ආරක්ෂක සබඳතා වර්ධනය කර ගැනීම ද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ මෙම එංගලන්ත සංචාරයේ අරමුණක්.

ඒ අනුව ඔහු ලන්ඩනයේදී බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් හමුවීමට ද නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.