Monday, May 20, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ මහ මැතිවරණයට අමෙරිකාවෙන් විරෝධයක්




බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණය සම්බන්ධයෙන් අමෙරිකාව විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු රාජය දෙපාර්තමේන්තුව පවසන්නේ බංග්ලාදේශ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවන බවයි.

එමෙන්ම මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී බංග්ලාදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ද හෙළා දකින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අමෙරිකාව බංග්ලාදේශය රජයෙන් ඉල්ලා සිටින්නේ. 

ඉකුත් ඉරිදා පැවැති මහ මැතිවරණයෙන් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට පස්වන වරටත් එරට බලය හිමිවුණා. එහෙත් එරට ප්‍රධාන දේශපාලන පක්ෂය මහ මැතිවරණය වර්ජනය කර තිබුණා.