Monday, May 20, 2024

General line - 0115112241

ප්‍රංශ ජනපති අගමැති ධූරය තරුණයෙකුට දෙයි




ප්‍රංශයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්.

ඒ අනුව ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව ඇත්තේ ගේබි්‍රයල් අටල්. ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තර මාධ්‍ය තුළ යොමු වූයේ දැඩි අවධානයක්.

ඊට හේතුව වන්නේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා තරුණ වියේ පසුවීමයි.

ඔහුගේ වයස අවුරුදු 34 ක්. ඒ අනුව ප්‍රංශයට මෙතෙක් තේරී පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වන්නේ ගේබි්‍රයල් අටල්. ප්‍රංශයට මෙලෙස නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝර්න් එම ධූරයෙන් ඉල්ලා අස්වීමයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම හේතුවෙන් ඇය ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.