Monday, May 20, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ලගම මිතුරාගෙන් සුබ පැතුම්.




ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ දුරකථන ඇමතුමක් ලබා දී අග්‍රාමාත්‍යවරයා එලෙස සිය සුබ පැතුම් එක් කර ඇති බවයි.

ඉදිරියේදීත් බංග්ලාදේශය වෙනුවෙන් ඉන්දියාවේ සහය ලබා දෙන බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම බාධක මධ්‍යයේ වුව ද මහ මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනතාවට මෙන්ම රජයට ද ස්තූති කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණා.