Monday, May 20, 2024

General line - 0115112241

මහ මැතිවරණයක් අභියස තායිවානයට නව සම්බාධක




නව වෙළඳ සම්බාධක පනවන බවට චීනය තායිවානයට අනතුරු අගවා තිබෙනවා.

චීනයේ වාණිජ අමාත්‍යාංශය විසින් එලෙස සම්බාධක පනවන ක්ෂ්‍රේත්‍ර රැසක් සම්බන්ධයෙන් තායිවානයට අනතුරු අගවා තිබුණා.

එම අංශ වන්නේ තායිවානයේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය, යන්ත්‍රෝපකරණ, වාහන අමතර කොටස් සහ රෙදිපිළි කර්මාන්තයයි.

එම කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා තීරුබදු සහන අත්හිටුවීමේ වැඩිදුර ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලන බවත්, පසුගිය මාසයේ සමහර ඛනිජ රසායනික නිෂ්පාදනවලට එරෙහිව ගත් එවැනි පියවරක් අනුගමනය කරන බවත් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ තායිවානයේ මහ මැතිවරණය අභියස සම්බාධක පෙන්වා චීනය තායිවානයට බලපෑම් එල්ල කරන බවයි.

තායිවාන මහමැතිවරණය යනු යුද්ධය සහ සාමය අතර තෝරා ගැනීමක් බවයි තායිවානය පවසන්නේ.