Monday, May 20, 2024

General line - 0115112241

මාලදිවයිනට ඉන්දියාවේ දොර වැසෙයි ද?




ඉන්දියාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් වර්ධනය වෙමින් තිබෙනවා.

ඊට හේතු වූයේ මාලදිවයිනේ අමාත්‍යවරුන් තිදෙනෙකු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්.

ඉන් අනතුරුව අදාළ අමාත්‍යවරුන්ගේ වැඩ තහනම් කෙරුණා.

කෙසේවෙතත් මේ හේතුවෙන් දෙරට අතර අමනාපයක් ගොඩ නැගී තිබෙන අතර ඉන්දියාව සමග ගැටළු ඇති කර ගැනීම මාලදිවයිනට ආර්ථික වශයෙන් මෙන්ම තවත් බොහෝ ක්ෂ්‍රේත්‍ර ඔස්සේ බලපෑම් එල්ල කරනු ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ඉන්දියාවෙන් මාලදිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් සිදු වනු ඇති බවත්, එය මාලදිවයිනේ සංචාරයක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය කථානායක ඊවා අබ්දුල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණා.

ඇය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව මන්ත්‍රීවරුන් කොටසක් විසින් කරන ලද අවමන් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මාලදිවයින් රජයට ඉන්දීය ජනතාවගෙන් සමාව අයැදීමට සිදු වනු ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් ලෙස සමාව අයැදීම වැදගත්' බව ද ඇය පවසා තිබෙනවා.