හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ ඉතා පෞද්ගලික මට්ටමෙන් බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අදාළ හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවක් නොදන්නා බවද දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඒ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවා ඇති බවත් සඳහන්.