ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙකයි අමාත්‍යවරයා විසින් එලෙස විසුරුවා හැර ඇත්තේ.
පසුගිය වසරේ ජුලි මස 28 වැනි දින එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා එම සංගමයේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කරනු ලැබුවා.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අදාළ අත්හිටුවීම සිදු කළ ගැසට් පත්‍රය අවලංගු කර ඇති අතර, කරාතේ දෝ සම්මේලනයේ කටයුතු මීට පෙර පැවති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය වෙත පවරා දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය ද පසුගිය වසරේ අගෝස්තු මස 09 වැනි දින තාවකාලික ව අත්හිටුවා අතුරු කමිටුවක් පත්කිරීමට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කටයුතු කළා.
ඊට අදාළ ගැසට් නිවේදනය ද අවලංගු කර එම සංගමයේ කටයුතු ද පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත පැවරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් උපදෙස් ලබාදි තිබෙනවා.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝගවලට අනුව නීත්‍යානුකුල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බලය පවරන බවද අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.