Friday, January 24, 2025

General line - 0115112241

විදුලි ගාස්තු සියයට 20කින් අඩුකළ හැකි බවට  පාඨලීගෙන් ප්‍රකාශයක්




විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව පවතින බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍ය විදුලිබිල සියයට 300 කින් ඉහළ යාම හේතුවෙන් ගිය වසරේ විදුලි පාරිභෝගිකයින් දස ලක්‍ෂ 60,000 ක විදුලි සැපයුම විසන්ධි කර ඇති බවයි.


මෙරට කර්මාන්ත විදුලි ඒකකයක මිල දෙවැනි වන්නේ ආසියාවේ සිංගප්පූරුව සහ හොංකොංවලට පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසුවේ.