සිය පක්‍ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානයේ නිලධාරීන් මණ්ඩලය තෝරාපත් කිරීම ලබන සතියේදී සිදුකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.