Wednesday, May 15, 2024

General line - 0115112241

මහ මැතිවරණය අත ළඟ, ඉන්දීය ගොවීන් යළි මහ පාරට




සිය අස්වනු සඳහා අවම මිලක් සහතික කරන්නැයි ඉල්ලමින් ඉන්දීය ගොවීන් යළි දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඔවුන්ගේ මීළඟ සැළසුම වන්නේ දිල්ලි අගනුවරට පැමිණීමයි.

ඒ සඳහා දස දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පා ගමන වැළැක්වීම සඳහා දිල්ලි දේශ සීමාවේ දැඩි රැකවල් යෙදීමට එරට පොලීසිය කටයුතු කර තිබීමද විශේෂත්වයක්.  

මෙලෙස විරෝධතා ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයක් තිබියදීයි.

එබැවින් විරෝධතා මැඩ පැවැත්වීමට මෝදි ආණ්ඩුව දැඩි පියවර නොගනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.      

ගොවීන් මීට පෙරද දැවැන්ත විරෝධතාවක නිරත වූ අතර ඉකුත් මාසයේ එය තාවකාලිකව අවසන් වූයේ ඊට සම්බන්ධ වූ තරුණ ගොවි මහතෙකු මිය යාමත් සමගයි. 

සිය අස්වනු සඳහා අවම මිලක් ලබා ගැනීම, විශ්‍රාම වැටුපක් ලබා ගැනීම හා ගොවි ණය කපා හැරීම ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනවා.