Wednesday, May 15, 2024

General line - 0115112241

චීන නෞකාවක් නිසා පිලිපීනය නොසන්සුන්




චීන පර්යේෂණ නෞකාවක් පිලිපීන මුහුදු සීමාව ආසන්නයේ සැරිසැරීම හේතුවෙන් දෙරට අතර අර්බුධය යළිත් උත්සන්න වී තිබේ.

පිලිපීනය පවසන්නේ චීන නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා සිය වෙරළාරක්ෂක බලකාය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සති 02 ක කාලයක් පූරා පිලිපීන වෙරළාරක්ෂක බලකාය එරට උතුරු සහ නැගෙනහිර මුහුදු සීමාවේ අඛණ්ඩව මුර සංචාරයේ යෙදෙනු ඇති.

චීනය එලෙස සිය පර්යේෂණ නෞකාවක් යොමු කර ඇත්තේ බෙන්හැම් රයිස් කලාපය ආශ්‍රිතවයි.

එම කලාපය ජෛව විවිධත්වයෙන් සහ මත්ස්‍ය සම්පතෙන් පොහොසත් ප්‍රදේශයක් ලෙස ප්‍රකටයි.

එම මුහුදු කලාපයට චීනයට කිසිඳු හිමිකමක් නොමැති නමුත් චීනය නිරන්තරයෙන් ඒ සඳහා බලපෑම් එල්ල කරන බවයි පිලිපීනය චෝදනා කරන්නේ