Wednesday, May 15, 2024

General line - 0115112241

ප්‍රංශය ඉන්දියාවට දෑත දිගු කරයි




ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descotes ඊයේ ඉන්දියාවේ  ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවී තිබේ.

ඒ ඇගේ ඉන්දීය සංචාරය අතරතුරදීටයි

ඉන්දු  - ප්‍රංශ සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කළ බව සඳහන්.

එමෙන්ම ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descotes ගේ මෙම සංචාරය සිදු කෙරෙන්නේ එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයකට එක්වූ පසුබිමක් තුළයි.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descotes සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්  ද හමුවී තිබුණා.

එහිදී ඇය පවසා ඇත්තේ රටවල් ද්විත්වය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බවයි.