Wednesday, May 15, 2024

General line - 0115112241

   රතු මුහුද යළි උණුසුම්




රතු මුහුදේදි බාබඩෝස් ධඡය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හුතී කැරළිකරුවන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දකුණු යේමනය ආසන්න මුහුදු තීරයේදී එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව පවසනවා. 

හුතී කැරළිකරුවන්ගේ ප්‍රහාරයකින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

ගාසා තීරයේ ඊශ්‍රායල් සහ හමාස් යුද්ධයේදී පලස්තීනුවන්ට සහය දැක්වීමක් ලෙසටයි හුතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කරන්නේ.

මෙම ප්‍රහාරයත් සමග රතු මුහුද යළි උණුසුම් වී තිබෙනවා.