උඩප්පුව ප්රදේශයේදී ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උඩප්පුව පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 05 ක පුද්ගලික ඇපයක් මතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් දෙදෙනෙකුව හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
ඉකුත් 05 වැනිදා රාත්රී 11 ට පමණ උඩප්පුව ප්රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් මහමගදී පුද්ගලයෙකුට පහර දුන් බව කියන සිද්ධියත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගැණුනා.
තමන් ගමන් කරමින් සිටි මෝටර් රථය දෙසට කෙල ප්රහාරයක් එල්ල කළ බව පවසමින් උප පොලිස් පරීක්ෂකවරයා එම පහර දීම සිදු කර තිබූ බවයි වාර්තා වුණේ.