Wednesday, May 15, 2024

General line - 0115112241

ගාසා තීරයට ගුවනින් ආධාර රැගෙනආ පැරෂුටයකට යටවී 5ක් මරුට




ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් ගාසා තීරයේ පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට පසුගියද ගුවන් ආධාර හෙළීමක් සිදුකර තිබෙනවා.