Wednesday, May 15, 2024

General line - 0115112241

ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයට




71 වෙනි ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ මුම්බායි නුවරදී ඊයේ රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබුවා.

එහිදී මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලැබුවේ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින්.

අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්වුණා.

තරගාවලිය සඳහා රටවල් 115ක් නියෝජනය කරමින් සුරූපිනියන් සහභාගී වුණා.

ඉන්දියාව ලෝක රූ රැජින තරගාවලියක් සඳහා මෙවර සත්කාරකත්වය දැරූවේ වසර 28 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.