Wednesday, May 15, 2024

General line - 0115112241

ආහාර සුරක්ෂිතතාව සඳහා කැපවන බව ඉන්දියාව කියයි




ඉන්දියාව යනු සිය රටේ ජනතාවට පමණක් නොව අසල්වැසියන්ට සහ ගෝලීය දකුණේ අනෙකුත් රටවලට අවශ්‍ය අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරන රටක් බව ඉන්දියාවේ ජල පදනමේ (IWF) සභාපති අරවින්ද් කුමාර් පවසනවා.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර කළා.

ඉන්දියාව යනු ඉතා ශක්තිමත් පොදු ආහාර බෙදා හැරීමේ පද්ධතියක් සහිත රටක් බවත්,  අසල්වැසි රටවල් සහ ගෝලීය දකුණේ අනෙකුත් රටවලට ද ඉන් ප්‍රතිලාභ හිමිවන බවත් ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.

තිරසාර නොවන මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය රජය ගෙන ඇති මුලපිරීම් සහ පියවර පිළිබඳවත්, කුඩා පරිමාණ ධීවර කර්මාන්තය රට තුළ ප්‍රවර්ධනය කරමින් ඇති ආකාරයත් ඔහු එහිදී පැහැදිලි කර ඇතැයි ස‍ඳහන්.

රජයේ ප්‍රමුඛතම යෝජනා ක්‍රමයක් වන නිල් විප්ලවය "Blue Revolution" රටේ ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

එම යෝජනා ක්‍රමය තුළ ජෛව ආරක්‍ෂාව සහ පාරිසරික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ධීවර හා මත්ස්‍ය ගොවීන් තිරසාර ලෙස ධීවර කර්මාන්තයේ නිරත වෙමින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සඳහා දායක වන බව ද ඔහු පැහැදිලි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.