Tuesday, May 7, 2024

General line - 0115112241

පරමාණු බෝම්බය නිර්මාණය කළ විද්‍යාඥවරයාගේ ජීවිත කතාවට ඔස්කා(ර්) සම්මාන රැසක්




‘පරමාණු බෝම්බය’ නිර්මාණය කළ අමෙරිකානු විද්‍යාඥ රොබට් ඕපන්හයිමර්ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාවට නැඟුණු චිත්‍රපටය සඳහා මෙවර ඔස්කා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් හිමිව තිබෙනවා.

එම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ඕපන්හයිමර්’ ලෙසයි.

එහි ඕපන්හයිමර් ලෙස චරිතය නිරූපණය කළ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.

ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය දිනා ගත්තේ ක්‍රිස්ටෝපර් නෝලන්ය.

ඔහු එම සම්මානය දිනා ගෙන ඇත්තේ ‘ඕපන්හයිමර්’ අධ්‍යක්ෂණය වෙනුවෙන්. ඔස්කා සම්මාන උළෙලේදී ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස ජනප්‍රිය නළු රොබට් ඩවුනිං ජූනියර් සම්මානයට පාත්‍ර වුණා.

එම සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන එමා ස්ටෝන්.

හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ‘ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට්’ නමැති බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයයි.

හොඳම සහාය නිළිය ලෙස සම්මාන දිනුවේ ජෝයි රුන්ඩොල්ෆ්.

ඒ, ‘ද හෝල්ඩෝර්ස්’ චිත්‍රපටය වෙනුවෙන්. 96 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහළේදී පැවැත්වුණා.