Saturday, July 27, 2024

General line - 0115112241

හිටපු යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට (PHOTOS)




ස්වයංකී‍්‍රය පිස්තෝලයක් සහ පුපුරණ ද්‍රව්‍ය ළග තබාගෙන සිටි බව කියන හිටපු යුද හමුදා සෙබළෙකු මාරවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාත්තන්ඩිය දුන්කන්නාව ප‍්‍රදේශයේදීයි.

27 හැවිරිදි මොහු යුද හමුදාවේ ගැමුණුහේවා බලකායට අනුයුක්තව සේවය කළ අයෙක්. ඔහු සතුව තිබී මිලිමීටර 9 යි දශම 9 වර්ගයේ ස්වයංකී‍්‍රය පිස්තෝලයක්, ජීව උණ්ඩ 10 ක්, මැගසින් දෙකක්, ඩෙටනේටරයකට සවි කරන ලද අඩි 13 ක් දිග සේවා නූලක් සහ පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 130 ක් සොයා ගැණුනා.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Image00002gun

Image00001gun