Tuesday, May 7, 2024

General line - 0115112241

ගාසා තීරයේ සෞඛ්‍ය සේවකයින් 2,000ක් කුසගින්නේ




ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව මුහුණ දෙන මානුෂීය ගැටලු දිනෙන් දින උත්සන්න වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

සියලු ගැටලු අබිබවා මේ වන විට කුසගින්න ගාසා තීරයේ පුරා පැතිර යමින් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආධාර ලෙස හිමි වන ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර ලබා ගැනීම සඳහා ගාසා තීරයේ වැසියන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇතැම් දිගු පෝලිම් දරුවන්ගෙන් පිරී පවතින අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ගාසා හි ක්‍රියාත්මක හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ගාසා තීරයේ ඉතිරි වී ඇති රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින් 2,000ක් පමණ කුසගින්නේ පසුවන බවයි.

ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරනවා මිස ගාසා වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නොමැති බවටයි අමෙරිකාව චෝදනා කළේ.