Monday, May 6, 2024

General line - 0115112241

AI නිසා මිනිස් සංහතිය අනතුරක - අලුත් පරික්ෂණයක් හෙළි කරයි




කෘතිම බුද්ධිය හෙවත්  AI තාක්ෂණය, මිනිස් ප්‍රජාව වඳවී යාමේ මට්ටමකට තර්ජනයක් වනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

AI තාක්ෂණයේ සීග්‍ර වර්ධනය හේතුවෙන් මතු කරන ව්‍යසනය ජාතික ආරක්ෂක අවදානමක් වනු ඇති බවටද එහි සඳහන්.

අතිශය දියුණු  AI පද්ධති මිනිසාට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 

දැනටමත් රෝග සුව කිරීම, විද්‍යාත්මක සොයා ගැනීම් වැනි තීරණාත්මක තත්ත්වයන් සඳහාද  AI  තාක්ෂණය භවිත වන බැවින් එහි බරපතලකම අපේක්ෂිත මට්ටම අබිබවා යනු ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව අනාවරණය කර ඇත්තේ.

එබැවින් ඔවුන් පවසන්නේ මෙම ව්‍යසනකාරී තත්ත්වය වැළැක්වීමට අමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.

AI සමාගම්වල ඉහළ ප්‍රධානීන්, සයිබර් ආරක්ෂණ පරීක්ෂකයින්, ආයුධ විශ්ලේෂකයින් හා ජාතික ආරක්ෂක නිලධාරීන් ඇතුළු 200කට වැඩි පිරිසක් සමග වසරකට අධික කාලයක් සිදු කළ සම්මුඛ සාකච්ඡාවල ප්‍රතිඵල පදනම්ව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම නවතම වාර්තාව සකස් කර තිබෙනවා.