Tuesday, May 14, 2024

General line - 0115112241

තායිවානය මුහුදේ ආරක්ෂාව තර කරයි.




සිය මුහුදු සීමාව උල්ලංඝනය කළ චීන වෙරළාරක්ෂකයින් පිරිසක් තායිවාන වෙරළාරක්ෂකයින් විසින් පළවා හැර තිබෙනවා.

තායිවානය පැවසුවේ සිය පාලනයේ පවතින කින්මෙන් දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ  චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් එම ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වී සිටි වෙරළාරක්ෂකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

අනතුරුව එම චීන වෙරළාරක්ෂක යාත්‍රාව වෙත තායිවාන වෙරළාරක්ෂකයින් අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර ඇතැයි ද සඳහන්.

අදාළ චීන යාත්‍රාවේ චීන වෙරළාරක්ෂකයින් සිව්දෙනෙකු සිට ඇති බවත්, ඔවුන්ව සිය මුහුදු  කලාපයෙන් පළවා හැරි බවත් තායිවානය පැවසුවා.

කෙසේවෙතත් තායිවානය එල්ල කළ චෝදනා චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

චීනය පවසන්නේ කින්මෙන් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටියේ නීත්‍යානුකූලව බවයි.

තායිවානය යනු සිය රටේ කොටසක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන අතර ඔවුන්ට එරෙහිව සිදු කරන චීන බලපෑම් ද ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් තායිවානය පවසන්නේ සිය රට ස්වාධීන රාජ්‍යයක් බවයි.