Tuesday, May 7, 2024

General line - 0115112241

පුටින්, යළිත් රුසියානු ජනපති පුටුවට




ව්ලැදිමීර් පුටින් රුසියානු ජනාධිපති ධූරයේ බලය යළිත් තහවුරු කරගෙන සිටිනවා.

ඒ, එරට ජනාධිපතිවරණයෙන් මේ වන විටත් සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60ක් පමණක් මෙතෙක් ප්‍රකාශ කර තිබියදී පුටින්ගේ ජය තහවුරු වී ඇත්තේ.

ඒ අනුව 71 හැවිරිදි පුටින්ට තවත් වසර 06ක් සඳහා ජනපති ධූරය හිමිවනවා.

2000 වසරේ සිට පුටින් අඛණ්ඩව අවස්ථා 04කදී  ජනාධිපති ධුරය හොබවනු ලැබුවා.