Monday, May 6, 2024

General line - 0115112241

පකිස්තානයෙන් IMF වෙත පොරොන්දුවක්.




චීන බලාගාර සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 493 පියවීම සඳහා අතිරේක අයවැයක් වෙන් නොකරන බවට පකිස්ථාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථානයේ විදුලිබල අංශයේ දූෂණ -විරෝධී ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්න කිරීමත් සමඟ පකිස්තාන රජය මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

මෙම මූල්‍ය වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 48 ට වඩා වැඩි මුදලක් චීන බලාගාර සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් රජයේ තීරණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විමසා ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබෙනවා.

එබැවින් සිය තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළ බවයි පකිස්තානය බලධාරීන් පවසන්නේ.

චීන - පකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ ක්‍රියාත්මක විදුලි බල ව්‍යාපෘතිවල හිඟ මුදල් ප්‍රමාණය 2024 ජනවාරි මස අවසන් වන විට වාර්තාගත ලෙස රුපියල් බිලියන 493 ක් ලෙස වැඩිවී තිබෙනවා.

එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක්. 

එය පසුගිය ජුනි මාසයට වඩා රුපියල්  බිලියන 214 ක් හෙවත් සියයට 77 කින් වැඩිවීමක් බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ