Tuesday, May 7, 2024

General line - 0115112241

ඉතාලියෙන් TikTok වෙත දඩ




ලොව රටවල් රැසක් මේවනවිට TikTok සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

ඊට මෑතකාලයේ හොඳම උදාහරණය වූයේ අමෙරිකාවයි.

එවන් පසුබිමක් තුළ ඉතාලිය ද TikTok සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇතැයි වාර්තා වුණා.

ඒ අනුව විදෙස් මාධ්‍ය පැවසුවේ ඉතාලිය TikTok සඳහා දඩ මුදලක් පනවා ඇති බවයි.

එලෙස පනවා ඇති දඩ මුදල යුරෝ මිලියන 10  ක් බවයි පැවසෙන්නේ.

තරුණ හෝ වෙනත් අවදානමට ලක්විය හැකි පරිශීලකයින්ට හානි කළ හැකි අන්තර්ගතයන් පරීක්ෂා කිරීමේදී පරිපූර්ණ නොවීම TikTok වෙත ඉතාලිය එල්ල කර ඇති චෝදනාවයි.

බාලවයස්කරුවන් සඳහා අනාරක්ෂිත වීම සම්බන්ධයෙන් TikTok පරීක්ෂාවට ලක් කර එම ගිණුම් සඳහා දඩ මුදල් අය කළ පළමු අවස්ථාව ද මෙය නොවන බව වාර්තා වනවා.

පසුගිය වසරේ, ළමා දත්ත අනිසි ලෙස භාවිතා කිරීම සහ පරිශීලකයින් සඳහා වයස් සීමාවන් කඩ කර වීඩියෝ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විසින් TikTok සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16 කට ආසන්න දඩයක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.