Tuesday, May 7, 2024

General line - 0115112241

උඩු ගුවනේදී මගියෙක් සියදිවි නසා ගන්න හදලා




බැංකොක් සිට  ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයක් තුල මගියෙකු සියදිවි නසා ගැනීමට තැත් කිරීම හේතුවෙන් යානය හදිසි ගොඩබෑමක් සිදු කරතිබෙනවා. 

තායිලන්තයේ බැංකොක් සිට ලන්ඩන් දක්වා  ගමන් කළ EVA Air Flight BR67ගුවන් යානයෙදී මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ගුවන් යානයේ ගමන් ගත්  මගියෙකු දිගු කාලයක් විවේකාගාරයේ රැඳී සිට ඇති අතර මෙම මගියා සියදිවි නසා ගැනීමට තැත් කිරීමට උත්සහ කරන  බව එම ගුවන් යානයේ  කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සැක සිති තිබෙනවා.

පසුව ගුවන් සේවිකාවන් සහ යානයේ සිටින වෛද්‍ය නිලධාරීන් වහාම පුද්ගලයාට සහය වි ඇති අතර ලන්ඩනයේ ගුවන් තොටුපළකට ගොඩබෑමෙන් පසුව එම පුද්ගලයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුලත් කර ඇති  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.