Tuesday, May 7, 2024

General line - 0115112241

2023 දී ගෝලීය වශයෙන් දූෂිතම නගර අතරට ඉන්දියාවේ තවත් නගරයක්  




2023 දී ලෝකයේ වඩාත්ම වායු දූෂිත රටවල් තුන අතරට ඉන්දියාව පැමිණ තිබෙනවා.

ඒ ලොව පුරා වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථාන 30,000කට අධික සංඛ්‍යාවක දත්ත මත පදනම් ව සැදු වාර්ෂික ලෝක වායු තත්ත්ව වාර්තාවට අනුවයි 

ඉන්දියාවේ පරිසරය සහ මහජන සෞඛ්‍යය වාර්තාවට අනුව, ඉන්දියාවේ සාමාන්‍ය PM2.5 සාන්ද්‍රණය 54.4 µg/m3 ලෙස වාර්තා වී ඇති අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා දස ගුණයක්  ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වාර්තාවට අනුව, ලෝකයේ වායු දූෂිත නගර 100 න් 83 ක්ම ඉන්දියාවේ පවතින අතර 2023 දී ඉන්දියාවේ බිහාර් හි බෙගුසරායි නගරය ගෝලීය වශයෙන් දූෂිතම නගරය ලෙස නම්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ෆින්ලන්තය, එස්තෝනියාව, පුවර්ටෝ රිකෝ, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බර්මියුඩා, ග්‍රෙනාඩා, අයිස්ලන්තය, මොරිෂස් සහ ප්‍රංශ පොලිනීසියාව: "සෞඛ්‍ය සම්පන්න" වායු තත්ත්ව මට්ටම් ඇත්තේ රටවල් සහ ප්‍රදේශ දහයක් පමණි.