මෙරට පාසැල් ක්‍රිකට් ඉතිහාසයට අද සුවිශේෂී දිනයක්.
ඒ, ජාත්‍යන්තර තරග වලදී ලෝකයම හදුනන ප්‍රවීන ක්‍රිකට් විස්තර විචරක එංගලන්තයේ හිටපු නායක නසීර් හුසේන් මෙරට පාසැල් ක්‍රිකට් තරගයක විස්තර විචාරය සදහා එක්වීමයි.
මෙම සුවිශේෂී සිදුවීම දැකගත හැකි වූයේ අද ආරම්භ වූ කොළඹ ඩී ඇස් සේනානයක ව්ද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වන රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේදීයී.
මෙහිදී ඩී ඇස් මහානාම රන්මහා සටනේ ක්‍රිඩා විස්තර විචාරය සදහා ඩී ඇස් මාධ්‍ය කුටිය වෙත ඩී ඇස් සේනානයක විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු මෙන්ම 96 ලෝක කුසලානයේ තරග ජයග්‍රහණය කරවිම සදහා දායකත්වය දැක්වු අරවින්ද සිල්වා සහාභාගි වීම කැපී පෙනුනා.
2024 පාසල් ක්‍රිඩා තරගය කොළඹ ඩී ඇස් සේනානයක ව්ද්‍යාලය සහා කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වන රන් මහා සටන අද ආරම්භ වුණේ කොලඹ ඒස් එස් සී ක්රිඩංගනයේදියී.
ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 93 -94 ජාතික කණ්ඩායමේ හිටපු කණ්ඩායම් නායක වගේම කොළඹ ඩී ඇස් සේනානයක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සම්පත් පේරේරා සහ විදුහල් දෙකේ විදුහල්පතිවරැන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් කලා.
කාසියේ වාසිය මහානාම විද්‍යාලයේ කන්ඩායම් නායක දුවිදු රණතුංග දිනාගත් අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවිමටයි තිරනය කළේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දිම සදහා පිටියට පිවිසි ඩී ඇස් සේනානායක විද්‍යාලයේ නායක ගවිදු සේන්හස් පන්දු 189 කට නොදැවි ලකුනු 200ක් රැස් කර අතර ඩී ඇස් සේනානායක විද්‍යාලයේ උපනායක මලිත පෙරේරා පන්දු 152 දි ලකුනු 118ක් රැස්කර ගත්තා.
වසර 18ක ඉතිහාසයේ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් රැස් කල පළමු අවස්ථාවද මෙයයි.
පන්දු යැවිමේදි මහානාම විද්‍යාලය වෙනුවෙන් කන්ඩායම් නායක දුවිදු රනතුංග ලකුනු 80දි කඩුලු 02ක් දවාගත් අතර චාමික හීනැටිගල ලකුනු 69 දී කඩුලු 02ක් දවාගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩී ඇස් සේනානායක විද්‍යාලය ලකුණු 370ක් රැස් කලා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මහානාම විද්‍යාලය පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 02 ක් දැවි ලකුනු 94 ක් ලබාගත්තා.
මහානාම විදුහල වෙනුවෙන් දුල්නිත් සිගේරා නොදැවී ලකුනු 44 ක් රැස්කරගෙන සිටිනවා.