Thursday, May 2, 2024

General line - 0115112241

කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි




මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත්වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කමිඳු මෙන්ඩිස්ගේ නම අදාළ නාම යෝජනා අතරට එක්කර ඇත්තේ නිමාවට පත්වූ බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී පිත්තෙන් සහ පන්දුවෙන් ඔහු දැක්වූ දක්ශතා සැලකිල්ලට ගෙනයි.

බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේ ඉණිම දෙකේදීම ශතක වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. 

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉණිමේදී නොදැවී ලකුණු 92ක් රැස්කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර බංග්ලාදේශ දෙවන ඉණිමේදී කඩුළු 03ක් දවා ගැනීමටද ඔහු සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය - මඟින් මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රීඩකයා තේරීමේ නාම යෝජනා අතරට ක්‍රීඩකයින් 03දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

අයර්ලන්තයේ මාර්ක් ඇඩයර් සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රි  එම නාම යෝජනා අතර සිටින අනෙක් ක්‍රීඩකයන් දෙදෙනායි.