Saturday, May 4, 2024

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයන් 05 දෙනෙකු දීඝවාපියේදී අත්අඩංගුවට




දීඝවාපිය, වෙහෙරගල ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එරගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන්තුරේ, කොක්කඩිචෝල සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සැකකරුවන් කැණීම් කටයුතු සඳහා භාවිත කළ උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.