Monday, May 6, 2024

General line - 0115112241

යතුරුපැදි 41ක් පොලිස් භාරයට




නීති විරෝධී ලෙස අමතර කොටස් එකලස් කර සකස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන 03ක් වටලා තිබෙනවා.

ඒ පානදුර, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක එකකයට ලද තොරතුරක් මත කුරුණෑගල සහ වාරියපොළ ප්‍රදේශවල සිදුකල වැටලීමකදියි.

එම ස්ථානවල තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් යතුරුපැදි 41ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා ඒවා එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවයි පොලිසිය පැවසුවේ.