Tuesday, May 7, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට සහ රුසියාවට




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, වසර 30ක කාලයක් සඳහායි.

ඉන්දියාවේ ෂෝරියා එරොනයොටික් පුද්ගලික සමාගමට සහ රුසියාවේ එයාර්පෝට් ඔෆ් රීජන්ට්ස් මැනේජ්මන්ට්ස් සමාගම වෙත එම ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කර තිබුණේ වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්. 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට පසුගිය වසරේ ජනවාරි මස 09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව, ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙලෙස මත්තල ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.