Saturday, May 11, 2024

General line - 0115112241

ව්‍යාජ රත්රන් කිලෝ 04 ක් සමග සැකකරුවන් තිදෙනෙකු STF අත්අඩංගුවට




ව්‍යාජ රත්තරන් කිලෝ 04ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව කිලිනොච්චිය විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය, කන්දසාමි කෝවිල ඉදිරිපිටදී සිදුකළ වැටලීමකදීයි. 

බලපත්‍ර නොමැතිව කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 170ක් බර ව්‍යාජ රත්තරන් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයකු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු වනවා. 

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.