Sunday, May 12, 2024

General line - 0115112241

ස්විඩනයේදී අනුරගෙන් ජනාධිපතිවරණය ගැන විශේෂ අනාවරණයක්




ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙක එකට එක්ව තරඟ කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

පක්ෂ දෙක අතර සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් තුළින් එය වඩාත් තහවුරු කරගත හැකි බවයි ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ලාංකික ජන හමුකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ. 


සෑම කෙනෙකුටම සාධාරණ නීතියක් ඉටුවිය හැකි රජයක් ගොඩනැගි හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.