Saturday, May 11, 2024

General line - 0115112241

පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්




මෙරොක්කෝවේ පැවැත්වෙන 2024 පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට එක්වූ සමිත දුලාන් ත්‍44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඒ, ඔහු දැක්වූ මීටර් 65 දශම 57ක් දක්ශතාවය සමඟයි. 

මේ අතර එම තරඟාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 ඔ46 පිරිමි ධාවන ඉසව්වට එක්වෙමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත්වී තිබෙනවා.