Sunday, May 12, 2024

General line - 0115112241

යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට




යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, රාගම තේවත්ත පාර ප්‍රදේශයේ සිදුකළ වැටලමකදීයි. 

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 860ක් සමඟ ප්‍රවාහනය කිරීමට යොදාගන්නා ලද යතුරු පැදියක්, ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථනයක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගන්නා ලද රුපියල් හැටදහස් නවසිය හතලිහක මුදලක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය, සේද වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පුද්ගලයකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.