Wednesday, May 15, 2024

General line - 0115112241

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට




ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට පැමිණෙනවා.

එම ස්ථානයේ පවතින අවදානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පැවසුවේ.