Wednesday, May 15, 2024

General line - 0115112241

මැණික්හින්න රෝහලට විශේෂ ආරක්ෂාවක්




මහනුවර, මැණික්හින්න රෝහල් පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

එම රෝහලේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවූ බවයි පොලිසිය පැවසුවේ.

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර තුවාල ලැබූ පුද්ගලයකු එම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයාට රෝහල් කාර්ය මණ්ඩලය විසින් ප්‍රතිකාර කිරීම ප්‍රමාද කළ බවට එම පුද්ගලයා රෝහලට රැගෙන ආ පිරිසක් චෝදනා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරුව දෙපාර්ශවය අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඉන් 05 දෙනෙකුම මැණික්හින්න රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව පොලිසිය විසින් දෙපාර්ශවය කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අදාළ පිරිස රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.