Wednesday, May 15, 2024

General line - 0115112241

ෆවුසිගේ නඩුවක් කල් යයි

උදය කුමාර




හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක් මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි පවසමින් අදාළ නඩුව ගොනුකර තිබෙනවා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එම නඩුවට විත්තිකාර ඒ.එච්.එම් ෆවුසි අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවයි.

ඒ පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නඩුව මැයි මස 22 වනදා දක්වා කල් තැබුණා.

එදිනට විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.