Wednesday, May 15, 2024

General line - 0115112241

ගාසා ළමා අරමුදලට දායකත්වය ලබාදිය හැකි කාලය දීර්ඝ කෙරේ




ගාසාහි ළමා අරමුදලට දායකවීමට ලබාදී තිබූ කාලය දීර්ඝකර තිබෙනවා.       

ඒ අනුව එම අරමුදලට දායකත්වය ලබාදීම සඳහා මැයි 31 දින දක්වා කාලය දීර්ඝ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එම අරමුදලට දායකත්වය ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන්ට ලංකා බැංකුවේ, තැප්‍රොබේන් ශාඛාවේ ආරම්භ කර ඇති අංක 70 400 16 යන ගිණුමට මුදල් බැරකළ හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. 

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ළමා අරමුදල පිහිටුවා තිබෙනවා.