Wednesday, May 15, 2024

General line - 0115112241

ජපාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා නිල සංචාරය තහවුරු කෙරේ.




ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා නිල සංචාරය තහවුරු කර තිබෙනවා.

ඒ අනුව එරට විදේශ කටයුතු අමාත්‍යවරිය මැයි 04 වනදා සිට 05 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතයි.

එමෙන්ම, ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.