Wednesday, May 15, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223කට නිවාස




පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදිකර භාරදී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

තවත් නිවාස 11ක් ඉදිකිරීම මේවන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පවුල් 223ක් සඳහා නිවාස ඉදිකීරීම සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 139ක්. ඉඩමක් සමඟ නව නිවසක් ඉදිකිරීම, නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදුකර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබාදී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි.

ඒ අනුව පවුල් 144කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී  ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.