දිගන නගරයේ විවෘත කරන ලද මත්පැන් අලෙවිහලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
දිගන මැණික්හින්න මාර්ගයේ මත්පැන් අලෙවිහලක් පිහිටි ස්ථානයක තවත් මත්පැන් අලෙවිහලක් විවෘත කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම ස්ථානයට පැමිණි තවත් ප්‍රදේශවාසින් පිරිසක් එම මත්පැන් අලෙවිහල අවශ්‍ය බවට පවසමින් උද්ඝෝෂණයක නිතරවීමට හේතුවෙන් එම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ද එම ස්ථානයට කැඳවා තිබුණා.
පැය කිහිපයක් එම විරෝධතා පැවැති අතර එම ස්ථානයේ පිහිටි පැරණි මත්පැන් අලෙවිහලේ හිමිකරු එල්ල වූ විරෝධය හමුවේ සිය මත්පැන් අලෙවිහල වසාදමා තිබෙනවා.
කෙසේවෙතත් විරෝධය එල්ල වූ මත්පැන් අලෙවිහලේ හිමිකරු සිය අලෙවිහල වසා නොදැමූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.