Friday, May 17, 2024

General line - 0115112241

අලුත් සංචාරක කලාප 49ක්




අලුත් සංචාරක කලාප 49ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට ප්‍රකාශයට පත්කර ඇති සංචාර කලාප 15ට අමතරව මෙම සංචාරක කලාප අලුතින් ප්‍රකාශයට පත්කරන බවත් ඊට අදාළ තීරණය මාසයක් ඇතුළත දැනුම්දෙන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවා.


කොළඹ නගරයේ ඇති සම්බාහන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී අදහස් පළකළා.


සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.